බිල් ගේට්ස් කලක් ලොව ධනවතා වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 40 ක පමණ වත්කමක් හිමි ව තිබියදීය.2007 වර්ෂයදී මෙක්සිකානු ජාතික කාලෝස් ස්ලිම් විසින් එම බිල් ගේට්ස් අබිභවා යනතුරු එම මුදල කිසිවෙකුට කෙදිනකවත් අබිඅබවා යා නොහැකි ලෙස හැගුණි. එතැන් පටන් මෙම ධන කුවේරයන් දෙදෙනාම තම තමන්ගේ වත්කම් දිනෙන් දින වර්ධනය කරගන්නට විය . පසුගිය දිනෙක බ්ලූම්බර්ජ් බිලියනපතියන් ශ්‍රේනිගතකිරිමෙහි (bloomberg billionaires index) බිල් ගේට්ස් ඩොලර් බිලියන 72.7 ක වත්කමක් සමග ලොව ධවතා ලෙස සදහන් විය . එවිට කාලෝස් ස්ලිම් ගේ වත්කම ඩොලර් බිලියන 72.2 ක් ලෙස වාර්තා විය .
නම් මෙක්සිකෝ සිටි හි පිහිටි කාලෝස් ස්ලිම් හට අයිති ඇමරිකාව තුල විශාලම දුරකථන සේවා සමාගමකි . මේ වසරේ එහි ගනු දෙනු 14% කින් පහත වැටුණි එය මෙම ධන කුවේරයාගේ ශුද්ධ වත්කමින් බිලියන 3කට වඩා අඩු වන්නට හේතු විය. එය ඔහු ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන තැනට දමන්නට සමත් විය .
බිල් ගේට්ස්ගේ වත්කම ගැන කතා කරන විට අපහට එක්වරම සිහිවන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමයි. නමුත් මෙවර ඔහුගේ වත්කමින් මයික්‍රොසොෆ්ට් සමාගම හිමිකම් කියන්නේ කාලකට පමණි. ඉතිරිය ඔහු උපයා ඇත්තේ Cascade Investment. නම් වූ ඇමෙරිකානු ආයෝජන සමාගම හරහාය .
බිල් ගේට්ස් වනාහි තම ධනය ආයෝජනය කරමින් ඒ දෙස බලා සිටින්නෙකු නොවේ . ඔහු වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සමාජ සේවකයෙකි , පරාර්තකාමියෙකි .බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා ඔහු තම ජීවිත කාලය තුලදී පරිත්‍යාග කොට ඇති මුදල ඩොලර් බිලියන 28කි එම මුදලද ඔහුගේ වත්කමට එක් උනි නම් ඔහු අබිබව යාමට කාලෝස් ස්ලිම්ලා දෙදෙනෙකු ඒක් විය යුතුය.

About the Author

0 comments: