Featured Articles

Decoration

All Stories

Tuesday, May 28, 2013

කීකරු දරුවෝ කියන්නෙ කාටද?



කීකරු දරුවෝ කියන්නෙ කාටද?

කථිකාචාර්ය
නයනා ගුණවර්ධන
ව්‍යාපෘති නිලධාරි
ජාතික අධ්‍යාපන ආයතනය

අපේ දරුවන් සමාජයේ හොඳ පුද්ගලයන් කිරීම මවුපියන් වන ඔබ අපගේ එකම සිහිනයයි. මේ සිහිනය සැබෑ කර ගැනීමට අප නොදැනුවත්වම දරුවන්ට මෙසේ කියනු ඇත.

"අඬන්නේනැතිව ඉන්න ඕනේ...හො‍ෙද් පුතේ...
දඟ වැඩ කරන්න එපා...
කියන දේ අහන්න පුතේ....
කට වහගෙන තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පුතේ....
මං කියන දේ අහන්නකො පුතේ....."

මේ හැම අවවාදයක්ම අප දෙන්නේ අපේ දරුවන් සදාචාරසම්පන්නව, විනයගරුකව හදා වඩා ගැනීමට නොවේද? විනයගරුක ළමයෙක් සදාචාරසම්පන්න දරුවෙක් කියන්නේ අපි කියන දේ ඒ ආකාරයෙන්ම කරන, අහන ළමයෙකුටද? අපි කිව්වට දරුවන් සීයට සීයක් විනයගරුක වෙනවාද? ගැටලුවක් නේද? අපි මේ ගැන කතා කරමු අද.

හරි වැරැද්ද
"සදාචාරය" යනු හරි වැරැදි, හොඳ නරක, සිරිත් විරිත්, ආචාරධර්ම පිළිබඳ පුද්ගලයා විසින් වටහා ගැනීමයි. මෙම වටහා ගැනීම කුඩා අවධියේ සිට සිදුවිය යුතු බව පියාජේ නම් මනෝ විද්‍යාඥයා පවසා ඇත. එසේ නම් දරුවන් හදා වඩා ගැනීමේදී බාල කාලයේ පටන් හරි හෝ වැරැදි වෙන්නේ මොනවාද? හොඳ හෝ නරක වෙන්නේ මොනවාද? දරුවන්ට දැනෙන්න ඉඩ සැලැසිය යුතුයි.

සදාචාර හැඟීම්
පියාජේ පවසන අන්දමට සදාචාරමය හැඟීම් පහළ වන්නේ අවු. 3 සිටය. මෙය වයස අනුව නොව බුද්ධිය වැඩීමත් සමඟ සිදුවන්නකි.
දරුවන් කුඩා අවධියේ සිටම තමා සතු සමාජ වගකීම කුමක්ද? අනුන් පිළිබඳ සැලකිල්ල, සහකම්පනය, තමා ගැන සිතනවාටම වඩා අනුන් ගැන සිතීම යනාදී පිළිවෙත් මවුපියන්ගෙන් හා අධ්‍යාපනය තුළින් දරුවාට හුරු කළ යුතුයි.

නිවෙසක් නිර්මාණය කරන විට එහි මූලික පදනම වන්නේ අත්තිවාරම සවිමත්ව දැමීමයි. ඒ ආකාරයෙන්ම දරුවකු හැදීමේදී යහපත් සදාචාරවත් බවට හොඳ පදනමක් දරුවාගේ අභ්‍යන්තර සිතිවිලි තුළ තැන්පත් කළ යුතුයි. තමා සතු වගකීම කුමක්ද? සමාජය විසින් දරුවාගෙන් බලාපොරොත්තු වන චර්යා රටා, ස්වකැමැත්තෙන්ම දරුවා තුළ පැලපදියම් විය යුතුයි. ඒ නිසා පියාජේ විසින් පුද්ගල සදාචාර අවධි 3කට බෙදා වෙන් කර ඇත.

• පූර්ව සදාචාර අවධිය.
• සදාචාර සත්භාව අවධිය.
• සදාචාර සාපේක්‍ෂතා අවධිය.

පූර්ව සදාචාර අවධිය

පූර්ව සදාචාර අවධියේදී දරුවන්ට නීති රීති පිළිබඳ දැනුමක් නොමැත. කිසියම් ක්‍රියාවක් කිරීමේදී එහි නීති රීති පිළිබඳ දරුවා නොදනී. යම් යම් ක්‍රියාව සිදු කරන්නේ යාන්ත්‍රික අනුකරණයෙන් මිස අවබෝධය සහිතව නොවේ. අවු. 5ට අඩු දරුවන් පිළිබඳ හොඳින් නිරීක්‍ෂණය කළහොත් එය සත්‍යයක් බව ඔබට පසක් වනු ඇත.

සදාචාර සද්භාව අවධිය
සදාචාර සද්භාව අවධියේදී සදාචාරමය විනයගරුක ස්වභාවය වෙනස් නොකරයි. යහපත් විශ්වාසයන් කෙරෙහි දැඩි එල්බ ගැනීමක් ඇති වේ. තමා කුමන හෝ ආකාරයෙන් නීති රීති පිළිපැදිය යුතු බව එලෙසම විශ්වාස කරයි. දරුවා පාසල් යන අවධිය වන විට මෙම ලක්‍ෂණ හොඳින් දැකගත හැකිය.

සදාචාර සාපේක්‍ෂතා අවධිය
සදාචාර සාපේක්‍ෂතා අවධියේදී දරුවන් විවෘතව සිතීමට පුරුදු වෙයි. නීති රීති සමාජය විසින් ඇති කරගත් ඒවා බවත්, ඒවා සමාජ සම්මතය අනුව වෙනස් කරගත හැකි බවත් තේරුම් ගනී.

ආත්ම විශ්වාසය
මෙය එක් එක් වයස් කාණ්ඩවලදී වෙනස් වුවද මවුපියන් හා ගුරුවරුන් වැඩිහිටියන් විසින් ලබාදෙන නිවැරැදි මඟ පෙන්වීම් මත දරුවා තමාව පාලනය කර ගැනීමට ඉගෙන ගනී. මෙය තමා විසින්ම ඇති කරගනු ලබන චරිතායනයයි. තමා තුළ හටගන්නා දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස විශාල ආත්ම විශ්වාසයක් දරුවා තුළ ගොඩනැඟේ. මෙය සමස්ත ජීවිතයම නිසි මඟකට යොමු කර ගැනීමට හේතු වේ.

"විනය" යනු කුමක්දැයි මවුපියන් වන ඔබෙන් ඇසුවොත් ඔබ විවිධ පිළිතුරු ලබාදෙනු නියතයි. නීති රීති දැමීම, අයිතීන් ලබා දීම, නිදහස දීම ආදී විවිධ පැති හරහා "විනය" විහිදුවාලිය හැකිය.


මඟ පෙන්වීම
ආහාර ගැනීම, වැසිකිළි යෑම හා එහි භාවිතය, පිරිසුදුකම වැනි දේ විනය පිළිබඳ මුල්ම පාඩම්ය. ඒවා කියාදිය යුත්තේ මවුපියන්ය. මවුපියන් දෙස බලා දරුවන් මේවා උගනී. එබැවින් මවුපියන්, වැඩිහිටියන් ආදර්ශවත් වීම ඉතාම වැදගත්ය. මේ සඳහා නිවෙස තුළ යම් කිසි පාලනයක්, සැලැස්මක් තිබීම වැදගත්. එවිට දරුවා පවතින සම්මත නීති රීතිවලට අනුකූලව හැඩ ගැසෙන අතර ඒවා නිසි ආකාරයෙන් රැකීමට දරුවා කැමැති වෙයි. මේ සඳහා වැඩිහිටි පෙලඹවීම් අවශ්‍යයි.
මෙහිදී ඔබට කළ හැකි දේ මොනවාද? දරුවාට නිවෙස තුළ හා සමාජය තුළ පනවන නීති රීති අවම කළ යුතුයි. බොහෝ දේ දරුවා ආදර්ශයෙන් උගනී, දරුවන් වැරැදි කරන්නේ නොදැන විය හැකිය. එය සොයා බලා දරුවාට ගැළපෙන ආකාරයට උපක්‍රමශීලීව නිසි මඟට යොමු කරගත යුතුයි. දරුවාගේ වරදක් දුටු විට එය නිවී සැනසිල්ලේ දරුවාට තේරුම් ගත හැකි වන ලෙස පෙන්වා දිය යුතුය.

ආදර්ශය උතුම්
මත්පැන් පානය කර තම බිරියට පහර දෙන පියාට කිසි විටෙකත් තම පුතාට එය නොකරන්නැයි අවවාද කළ නොහැකිය. නිතරම තම අසල්වැසියන් හා කලහ කරගන්නා මවුපියන්ට යාළුවන් සමඟ දබර නොකරන්න යැයි දරුවන්ට කිව හැකිද? එසේ කළහොත් දරුවන් ඉදිරියේ ඔබ හෑල්ලුවට පත්වනු නොඅනුමානය.
සමහර දරුවන් පාසලේදී කෙතරම් හොඳ දේ කියා දුන්නද නිසි මඟකට යොමුකර ගත නොහැක්කේ දෙමවුපියන්ගේ වැරැදි නිසා බව ඔබ තේරුම් ගත යුතුයි. එබැවින් "අවවාදයට" වඩා "ආදර්ශය" උතුම්ය.

දිගින් දිගටම දරුවන් වැරැදි කරනවා නම් අප මොනවාද කරන්නේ. එහිදී යම්කිසි "දඬුවම්" ක්‍රමයක් භාවිත කිරීම වරදක් නොමැත. එහෙත් දඬුවම් දීම යනු ගුටි බැට දීම නොවේ. දරුවාට හිතන්න මානසික දඬුවමක් දිය හැකිය. මෙහිදී ශරීරික දඬුවම, බැන වැදීම කිසිසේත් සාර්ථක ක්‍රමයක් නොවන බව ඔබ සිතන්න.
දරුවාට තම වැරැද්ද තේරුම් යා යුතුයි. යම්කිසි දඬුවමක් ඵලදායී වන්නේ එම වරද දුටු සැණින් පෙන්වා දීමෙන්ය.

"ඉන්නවකෝ.... අද තාත්තා එනකල්් හොඳ පාරක් ඉල්ලලා දෙන්නම්" යැයි අපි දඬුවම කල් දමයි. මෙහිදී පියාව නඩුකාරයකු කිරීම නොව මව පියා දෙදෙනාම එකතු වී එක මතයක පිහිටා නඩුව විසඳීම ඉතා සාර්ථක ක්‍රමයකි. "කීකරු" කමට දරුවා වහලෙක් නොකරන්න. කීකරුකමට අභ්‍යාස කිරීමට ඔහුට අවස්ථාවන් ලබා දෙන්න. යම් කිසි දෙයක් බලෙන් පිළිගන් වනවාට වඩා කැමැත්තෙන් පිළිගැනීමට අවස්ථාව දෙන්න. ඒකපාර්ශ්වීයව යටත් වනවා වෙනුවට අනේ‍යාන්‍ය අවබෝධයෙන් අවනත වීමට හුරු කරන්න. දඬුවමක් බලෙන් පැනවීම නොව තමන් අතින් සිදු වූ වරදට සාධාරණ දඬුවමක් පිළිගැන්මට දරුවා හුරු කරන්න.

උපුටා ගැනීම facebook
11:32 AM - By CeylonMag 0

Sunday, May 26, 2013

1976 දී නිපදවන ලද ඇපල් පරිගණකයක් ඩොලර් 668000 කට විකිණේ .


1976 දී ස්ටීව් ජොබ්ස් සහ  ස්ටීව් වොස්නියෙක් විසින් තම නිවසේ ගරාජය තුලදී නිපදවන ලද ඇපල් පරිගණකයේ ක්‍රියාකාරී මොඩලයක් ( functioning  model) ජර්මන් වෙන්දේසිකරුවකු විසින් ඩොලර් 668000 ක මුදලකට විකුණා තිබේ .  බ්‍රේකර් නම් මෙම වෙන්දේසිකරු පවසන අන්දමට නම ප්‍රසිද්ධ කිරීමට අකමැති ආසියානු පාරිභෝගිකයෙකු විසින් පසුගිය දිනෙක , මෙම ස්ටීව් ජොබ්ස් සහ  ස්ටීව් වොස්නියෙක් විසින් තම නිවසේ ගරාජය තුලදී නිපදවන ලද ඇපල් 1 නම් පරිගණයක්  මිලදී ගැනීමට කල විමසීම අනුව මෙම ගනුදෙනුව සිදු වී ඇත .


බ්‍රේකර් පවසන අන්දමට මෙම පරිගණකය එම වර්ගයේ ලෝකයේ දැනට  ක්‍රියාකාරී පරිගණක ආකෘති 6 න් එකකි . මොහු විසින් එම වර්ගයේ පරිගණකයක් පසුගිය වසරේදීද යුරෝ  492,000 ක මුදලකට විකුණා ඇත.


මෙම පරිගණකය 1976 වසරේදී ඩොලර්  666 ක මුදලකට විකුණා ඇත.මෙය  පරිපථ පුවරුවකින් එහි  ආවරණයෙන්   සහ  යතුරු පුවරුවකින් සමන්විත වූ අතර පරිගණක තිරය වෙනමම මිලදී ගත යුතු විය.
11:26 PM - By CeylonMag 0

Wednesday, May 22, 2013

බිල් ගේට්ස් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි



බිල් ගේට්ස්  කලක් ලොව ධනවතා වූයේ ඇමෙරිකානු  ඩොලර් බිලියන 40 ක පමණ  වත්කමක් හිමි ව තිබියදීය.2007 වර්ෂයදී මෙක්සිකානු ජාතික කාලෝස් ස්ලිම් විසින් එම බිල් ගේට්ස් අබිභවා යනතුරු   එම මුදල කිසිවෙකුට කෙදිනකවත් අබිඅබවා යා නොහැකි  ලෙස හැගුණි.   එතැන් පටන් මෙම ධන කුවේරයන් දෙදෙනාම තම තමන්ගේ වත්කම් දිනෙන් දින වර්ධනය කරගන්නට විය .   පසුගිය දිනෙක බ්ලූම්බර්ජ් බිලියනපතියන් ශ්‍රේනිගතකිරිමෙහි (bloomberg billionaires index) බිල් ගේට්ස් ඩොලර් බිලියන 72.7 ක වත්කමක් සමග ලොව ධවතා ලෙස සදහන් විය . එවිට කාලෝස් ස්ලිම් ගේ වත්කම ඩොලර් බිලියන 72.2 ක් ලෙස වාර්තා විය .


නම් මෙක්සිකෝ සිටි හි පිහිටි කාලෝස් ස්ලිම් හට අයිති ඇමරිකාව තුල විශාලම දුරකථන සේවා සමාගමකි . මේ වසරේ එහි ගනු දෙනු 14% කින් පහත වැටුණි එය මෙම ධන කුවේරයාගේ ශුද්ධ වත්කමින් බිලියන 3කට වඩා අඩු වන්නට හේතු විය. එය ඔහු ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන තැනට දමන්නට සමත් විය .


බිල් ගේට්ස්ගේ වත්කම ගැන කතා කරන විට අපහට එක්වරම සිහිවන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමයි. නමුත් මෙවර ඔහුගේ වත්කමින්  මයික්‍රොසොෆ්ට් සමාගම  හිමිකම් කියන්නේ කාලකට පමණි. ඉතිරිය ඔහු උපයා ඇත්තේ  Cascade Investment. නම් වූ ඇමෙරිකානු ආයෝජන සමාගම හරහාය .


බිල් ගේට්ස් වනාහි තම ධනය ආයෝජනය කරමින් ඒ දෙස බලා සිටින්නෙකු නොවේ . ඔහු වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සමාජ සේවකයෙකි , පරාර්තකාමියෙකි .බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා ඔහු තම ජීවිත කාලය තුලදී පරිත්‍යාග කොට ඇති මුදල ඩොලර් බිලියන 28කි එම මුදලද ඔහුගේ වත්කමට   එක්  උනි නම් ඔහු අබිබව යාමට කාලෝස් ස්ලිම්ලා දෙදෙනෙකු ඒක් විය යුතුය.

12:10 PM - By CeylonMag 0

Saturday, May 18, 2013

ලොව ප්‍රතම වරට ජලයෙන් සිසිල් වන ස්මාර්ට් දුරකතනයක් NEC සමාගමෙන්


ක්‍රියාකාරිත්වය ඉහල යත්ම රත් වීම (Heating) යන්න ඉලෙක්ට්‍රොනික උපාංග වලට ආවේණික ලක්ෂණයකි  . රත් වීම නිසා ඉලෙක්ට්‍රොනික උපාන්ග  වල කාර්යක්ෂමතාව (performance) මෙන්ම ආයු කාලය(life time) අඩු වීම නොවැලැක්වියහැක. මෙම ක්‍රියාත්මක වීමෙදී රත් වීම
අඩුකිරීම සදහා නොයෙක්  උපක්‍රම  එදාමෙදාතුර තාක්ෂණික ලොව හදුනා ගැනුනි  ඒවා අතුරින් ද්‍රවයක් මගින් රත්වන උපාංග වල තාපය ඉවත් කිරීම ඉතා සාර්ථක විය නමුත් එය සෑම උපාංගයකටම පාහේ යොදා ගැනීම අසීරු විය .  කෙසේ වෙතත් අද වන විට පුද්ගල පරිගණක ජලයෙන් සිසිල් කල හැකි ලෙස  දියුණු කොට ඇත .

11:41 PM - By CeylonMag 0

Blogroll

Sinhala

Blogroll

Discussion

© 2014 CeylonMag. WP Theme-junkie converted by Bloggertheme9
Powered by Blogger.
back to top