Saturday, May 18, 2013

ලොව ප්‍රතම වරට ජලයෙන් සිසිල් වන ස්මාර්ට් දුරකතනයක් NEC සමාගමෙන්

11:41 PM - By CeylonMag 0


ක්‍රියාකාරිත්වය ඉහල යත්ම රත් වීම (Heating) යන්න ඉලෙක්ට්‍රොනික උපාංග වලට ආවේණික ලක්ෂණයකි  . රත් වීම නිසා ඉලෙක්ට්‍රොනික උපාන්ග  වල කාර්යක්ෂමතාව (performance) මෙන්ම ආයු කාලය(life time) අඩු වීම නොවැලැක්වියහැක. මෙම ක්‍රියාත්මක වීමෙදී රත් වීම
අඩුකිරීම සදහා නොයෙක්  උපක්‍රම  එදාමෙදාතුර තාක්ෂණික ලොව හදුනා ගැනුනි  ඒවා අතුරින් ද්‍රවයක් මගින් රත්වන උපාංග වල තාපය ඉවත් කිරීම ඉතා සාර්ථක විය නමුත් එය සෑම උපාංගයකටම පාහේ යොදා ගැනීම අසීරු විය .  කෙසේ වෙතත් අද වන විට පුද්ගල පරිගණක ජලයෙන් සිසිල් කල හැකි ලෙස  දියුණු කොට ඇත .

අද වන විට. පුද්ගල පරිගණක තරමටම ඒවා පුද්ගල ජීවිත වලට සහයෝගය සපයන ඉතා ඉහල
ක්‍රියාකාරිත්වයක් දක්වන ස්මාර්ට් ෆෝන් බිහිවී ඇත එහෙත් එහිද ක්‍රියාකාරිත්වයත් සමග රත් වීම විශාල ගැටලුවකි.
ජපානයේ NEC  සමාගම විසින්  ද්‍රව භාවිතයෙන් සිසිල් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ස්මාර්ට් ෆෝන් එකක් හදුන්වා දී ඇත . Medias X N-06E නමින් එලි දක්වා ඇති මෙය තුල භාවිත වනුයේ  LG Optimus G Pro , HTC On වැනි දුරකථන වල භාවිත වන  quad-core Snapdragon S4 Pro නම් ප්‍රොසෙසරයයි . ඔබ මෙම දුරකථන ගැන මදක් සොයා  බැලුවහොත් මේවා අදික ලෙස රත් වීම් නිසා යම් තරමකට ගැටලුකාරී දුරකථන බව හදුනාගැනීමට හැකිවනු ඇත .

නමුත් 1.9 GHz  වේගයක්  දක්වා  ක්‍රියාකළ  හැකි  මෙම  ප්‍රොසෙසරය  මෙම දුරකථනය තුලදී ක්‍රියාත්මක  වන්නේ 1.7 GHz ක වේගයෙනි . මෙය කිසිදු කාර්යක්ෂමතා වර්ධනයක් ලෙස බැලු බැල්මට නොපෙනේ නමුත් , මෙහි පැහැදිලිව පෙනෙන්නාවූ   නම් 1.9 ක්‍රියාත්මක වන ප්‍රොසෙසරය 1.7 ක්‍රියාත්මක වෙමේදී එහි ආයු කාලය ඉහල   යනවා මෙන්ම එය  ඔබේ උණුසුම් දෑත මත  පෙරට වඩා  සිසිල්ව ක්‍රියාත්මක වනු ඇත .

Android 4.2 මෙහෙයුම්  පද්ධතිය  ක්‍රියාත්මක  වන  මෙම දුරකතනය 4.7” ප්‍රමාණයේ  , 720 X 1280 ප්‍රමාණයේ විභේදනයක්(Resolution)  තිරයකින් සමන්විත වන අතර.මෙගා පික්සෙල් 13.1 කැමරාවකින්, 2300 mAh බැටරියකින්, සහ   ජලය සහ දූවිලි ඇතුළු නොවන්නාවූ   (waterproof and dust proof casing) (IPX5, 8/IP5X වර්ගයේ)  ආවරණයකින්  සමන්විත වන බැවින් අවශ්‍ය නම් මෙය ජල ටැංකියකට උවද දමා  සිසිල් කල හැක :)

මෙම දුරකථනය විශේෂයෙන්ම කාන්තා පාර්ශවන ඉලක්ක කොටගෙන නිපදවා  ඇති බව NEC සමාගම සදහන් කරයි . මෙම  දුරකථනය ජුනි මස අගදී ජපානයේ  NTT DOCOMO  නම්  දුරකථන සේවා සපයන සමාගම හා එක්ව නිකුත් කිරීමට NEC සමාගම  සැලසුම් කොට ඇත .



About the Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Pellentesque volutpat volutpat nibh nec posuere. Follow me @Bloggertheme9
View all posts by admin →

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

0 comments:

Blogroll

Sinhala

Blogroll

Discussion

© 2014 CeylonMag. WP Theme-junkie converted by Bloggertheme9
Powered by Blogger.
back to top